ක්‍රියාකාරකම් ඇගයීම් නිර්නායක

වැදගත්:

කණ්ඩායම් ලකුණු ලබා ගැනීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම සහ අවම වශයෙන් 45% ක සහභාගිත්වයක් තිබීම අනිවාර්ය වේ.

1. මූලික නීතිය

කණ්ඩායමක මුළු ළමුන් සංඛ්‍යාවෙන් අවම වශයෙන් 45% ක් වත් ක්‍රියාකාරකමට සෘජුව දායක විය යුතුය. එසේ නොමැති නම් එම ක්‍රියාකාරකම සඳහා ලකුණු ලබා දෙනු නොලැබේ.

2. වාර්තාකරණය

  • සියලුම ක්‍රියාකාරකම් කණ්ඩායම් ලොග් සටහනක විධිමත් ලෙස වාර්තා කළ යුතුය.
  • සෑම ක්‍රියාකාරකමක් අවසානයේම ලබාගත් සමූහ ඡායාරූපයක් ගුරු මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය.
  • අදාළ වාර්තා සඳහා දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේගේ අත්සන ලබා ගත යුතුය.

ලකුණු බර තැබීම (100%)

සහභාගිත්වය (අනිවාර්ය) 35%
නිර්මාණශීලීත්වය හා නිවැරදිභාවය 15%
ඉදිරිපත් කිරීමේ කුසලතාවය 15%
කාර්යයන් සහ වගකීම් බෙදී යෑම 20%
වාර්තාකරණය සහ පූර්ව අවසරය 15%

* සියලු නිර්නායක සපුරා තිබීම ලකුණු ලබා ගැනීමට අත්‍යවශ්‍ය වේ.

ක්‍රියාකාරකම් පූර්ව අනුමැතිය සඳහා ඉල්ලුම් පත්‍රය

×
Loading...